උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අනාගත ඉතිහාසඥයන් 2015 ඔක්තෝබර් 01 දින එකමතිකව සම්මත කරගත් යෝජනාව මෑතකාලීන ශ්‍රී ලංකාවේ ඓතිහාසික අවස්ථාවක්. රටවල් 45 ක සම අනුග්‍රහය සහ ඉන්දියාව,චීනය ,පකිස්ත්නය ඇතුළු තවත් රටවල් රාශියක් තම සහාය පලකිරීමෙන් මේ යෝජනාව සම්මත වුණා.
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලංකාව තිබුණු හුදකාලාව ට තිත තැබීමක් ලෙස ඔක්තෝබර් 01 හදුන්වන්න ඕන. තම සම්ප්‍රදායික ප්‍රවේශයට සහයෝගය දෙමින් එකමුතුව වැඩකළ හැකි පණිවුඩය ලෝකයම ලබාදුන්නා.
යෝජනාවෙන් රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී හිටියේ රවල් 12ක් විතරයි. අනෙක් සියලු රටවල් විරුද්ධව ඡනදය ප්‍රකාශ කළා, මධ්‍යස්ථව හිටියා. ශ්‍රි ලංකාව කෙරෙහි තිබූ පිළිකුල පෙන්නුවා.
අප ලබාගත් විශාල වෙනස විදේශ අමාත්‍යාංශය හෝ මාගේ හැකියාව නිසා නොව ජනවාරි 08 මෛත්‍රිපාල ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇති කළ අලුත් දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵලයයි.
අපේ රජය තමයි, ඇමෙරිකාවේ යෝජනාව ශ්‍රී ලාංකීය යෝජනාවක් බවට පරිවර්ථනය කර මුළු ලෝකයම ඒ යෝජනවට පෙළ ගස්වන්න හැකි වුණා.ඉන්දියාව හොඳ කතාවක් කළා.රටවල් විශාල ප්‍රමාණයක් ලංකාව වර්ණනා කර කතා කළා. බෙදුණු ලෝකය එක්සත් කරන්නට මේ යෝජනාවෙන් හැකි වුණා.
නැති දේවල් කියනවා. කියවලා එන්නේ නෑ.බොරුවට කෑගහනවා. බංකොලොත් වෙච්ච ,ජාතිවාදීන් පිරිසක් ශ්‍රි ලංකා එක විනාශ කරන්න්න හදනවා.
ජාත්‍යන්තර අධිකරණ, සබාධක පැනවීමෙන් තොරව අපෙගේ ම වගවීමේ ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන්නට ජාත්‍යන්තරයේ ඉඩකඩ ලැබුණා.යෝජනාවේ හැමදෙයක්ම ක්‍රියාත්මක කර හැක්කේ ශ්‍රී ලංකා රජයේ එකඟතාවය මතයි.
මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවලියක්.ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන ක්‍රියාවලියක්. මෙය දෙමුහුන් ක්‍රියාවලියක් නොවේ.අපි තමයි හැම තීන්දුවක් ම ගන්නේ.කවුරු පත් කළත්, ඒ සියලු දෙනාවෙනුවෙන්, පත්වීමේ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ රජයට. මෙය හයිබ්‍රිඩ් ක්‍රියාවලියක් නොවන බව කියන්න පුළුවන්.ඔවුන් අපේ ව්‍යවස්ථාව හා නීති පද්ධය තුළ ක්‍රියාත්මක වෙනවා.
පරණගම- උදලාගම වාර්තාවල බරපතල චෝදනා කරලා තිබෙනවා.අපි වාර්තා සභාවට දැම්මා. දැන් සද්ද නෑ.සියලුම පක්ෂ සමඟ සර්ව පාක්ෂික සාකච්ඡා ඊයේ සිට ආරම්භ කළා. අපි සාමය සඳහා අවශ්‍ය කටයුතු කරනවා.අපි දේශීය යාන්ත්‍රණයක් පිහිටුවනවා කිව්වා. ජනතාව ඒ සඳහා වරමක් දුන්නා. ජනවාරියේ සිටම අපි ඒ සඳහා කටයුතු කළා.
කරුණා සභාවක් පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා.අතුරුදහන් වූවන් වෙනුවෙන් ස්ථවර කර්යාලයක් පිහිටුවන්නත් ඒවාට නීති රීති ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. අධිකරණමය යාන්ත්‍රනයක් අපි පිහිටුවන්න ඕන. ඒ සඳහ සාකච්ඡා වට ගනනාවක්
පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හානී පූර්ණය සඳහා වන විශේෂ කාර්යාලයක් පිහිටුවීම. සියලු දේශපාලන පක්ෂවල අදහස් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක අංශවල අඳහස් ලබාගන්නත් බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක් දේශාපලන ප්‍රචණ්ඩත්වයක් තිබුණා.මේ රටේ ඉතිහාසය දෙස බැලුවම එවකට රජයන් විසදුම් හොයන්න රජයන් උත්සහ කළා.අදත් ඊටත් වඩා භායානක විනාශයක් උතුරේ ඇති වුණා. වටිනා ජීවිත උතුරේ දකුණේ නැතිවුණා. නැවත දරුවන් නොමඟ යන්නට ඉඩ නොදීමට දැන්වත් ලෑස්ති විය යුතුයි. ඒ සඳහයි මේ කටයුතු කරන්නේ.අපිට විශේෂඥයන් අඩුතැන් බලල ඒවාට දාන්න පුළුවන් එය වරදක් නොවේ.ශ්‍රී ලංකාව තමයි අවසන් තීන්දුව ගන්නේ.අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාවට ගැළපෙන යෝජනාවක්.ලෝකයේ සිටින විනයාණුකූල හමුදාවක් ලෙස පිළිගත්තා. සාම හමුදාව යළි වතාවක් ගන්න තීන්දු කළේ.ශ්‍රී ලංකාවට නව දොරක් විවර වී තිබෙනවා. ආපට විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් බරපතල තැනකට ගෙන ආවාඅපි නිසි අවධානය යොමු කරන්න ඕන මීට වගකීම දරණ අය කවුද කියලා බලන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.