නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවන බව ජනපති පවසයි

    ඔක්තෝබර් 24, 2015

    මෙරට පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

     

    රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මෙන්ම යහපත් සමාජයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදීද පොලිසියේ කාර්ය භාරය සුවිශාල බව පැවසූ ජනාධිපතිතුමා එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (23) පස්වරුවේ ශී‍්‍ර ලංකා පොලිස් විද්‍යාලයේ විසිර යාමේ උත්සවයට කළුතර ශී‍්‍ර ලංකා පොලිස් විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේදී එක් වෙමිනි.

     

    ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු, ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 186 දෙනෙකු, රාජ්‍ය බුද්ධි සේවය සදහා ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 15 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 202 ක් සහිතව අද දින විසිර ගිය ආධුනික නිලධාරින් සංඛ්‍යාව 406 කි.

     

    එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යහපත් සහ ශිලිචාර සමාජයක් ගොඩනැගීමේදී රජයක මූලික වගකීම විය යුත්තේ එම රටේ ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීම බවයි. රටේ සියලූ ජනතාව දුගී භාවයෙන් මුදාගෙන ඔවුන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම නව රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා පොලිසිය ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල දායකත්වය ඒ සදහා අවශ්‍ය බවද කියා සිටියේය.

     

    පසුගිය යුධ සමයේදී පොලිස් දෙපාර්තමේන්තුව සිදු කළ කැපවීමටද මෙහිදී සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා වර්තමානයේද රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් යහපාලනය සදහා වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී පොලිසිය දක්වන දායකත්වය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනැමීය.

     

    විශිෂ්ටතා දැක්වූවන්ට තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    නීතිය හා සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍යවරුන්වන රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිත පිරිසක්ද නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya