නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රජයට අවශ්‍ය ලෙස දේශීය අධිකරණ ක්‍රියාවලිය තුළයි අපි සියලු දේ කරන්නේ-අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ඔක්තෝබර් 23, 2015

    යෝජනාවලිය අපේ රටට හිතකර එකක්.එය කිසිලෙසකත් ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස කළමනාකරණය කරන්නට රජය ඉඩ දෙන්නේ නෑ.අපේ රජයට අවශ්‍ය ලෙසයි කටයුතු කරන්නේ.දේශීය අධිකරණ ක්‍රියාවලිය තුළයි අපි සියලු දේ කරන්නේ යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    පසුගිය කාලේ දේශපාලණිකව නන්නත්තාර වී සිටින,සමහර බොරු දේශප්‍රේමීන්ට බොරු දේශහිතෛසීන්ට,පචායුධකරයින් හිතුවා ජිනීවා වාර්තාවේ එල්ලිලා හරි යන්තම් ගොඩ එන්න හැකිවෙයි කියලා.

     

    අපේ ජනාධිපතිතුමාගේත්,අගමැතිතුමාගේත්, විදේශ කටයුතු අමාත්‍යතුමාගේත්, රජයේත් රාජ්‍යතාන්ත්‍රික පරිණතභාවය නිසා ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර අපේ එකඟතාවය ලබාගෙන සියලුම දේ සිදුකළ යුතුය කියන වගන්තිය ඇතුළත් වාසිදායක වාර්තාව අපිට එළියට දාන්න,  හැකි වුණා.

     

     

    දැන් ජිනීවාවල එල්ලිලා බොරු බිල්ලෙක් මවා පාලා,තමන්ට එල්ල වී තිබෙන චෝදනා වහගන්න,ජිනීවා වලින් ගොඩ එන්න බලාගෙන හිටි අය යළි වතාවක් නන්නත්තාර වන හැටි විවාදය පැවැත්වෙනකොට අපිට පේනවා.

     

    හිටපු ජනාධිපතිතුමා එතුමාගේ ධූරකාලය වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට යනකොට එක එක දෙවල් කිව්ව. ඉල්ලන් කෑමක් කිව්වා.නමුත් එතුමා ක්‍රියාකළේ, එකකටවත් නොවෙයි. මා හිතන්නේ ජිනීවා කාලසටහනට අනුවයි කියලා .

     

    එතුමා විසින් ජාත්‍යන්තරට දීපි බොරුපොරොන්දු පාරාවළල්ලක් වෙලා.කවුරු මොනවා කිව්වත් ඇමෙරිකානු යෝජනාවේ හරය අපිට වඩා හොඳට ජනාධිපතිතුමාට තේරෙන්න ඇති.එදා ඔවුන් සූදානම් කල යෝජානව අපේ රට හිර කළ යෝජනාවක්.මේ ජිනීවා යෝජනාව හිටපු
    ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවේ ප්‍රයෝජනයට ගත් හැටි දැක්කා.එතුමා දේශපාලන වේදිකාවල කිව්වේ, ඔන්න ම්ම යුද්ධය ඉවර කළා.දැන් විදුලි පුටුවට යවන්න හදනවා කියලා.

     

    රටක් ලෙස ජාත්‍යන්තරයට බොරු පොරොන්දු දීලා, ඒවා කඩ කළාම, ඒවා උත්තර දෙන්න හැදුවේ ඡන්ද ප්‍රතිඵල තියලා. මේවා අසාර්ථක ජාත්‍යන්තර ක්‍රමවේදයි.මේවා ජිනීවාවලට පෙන්වන්නයි උත්සහ කළේ.

     

    ජනවාරි 8 වෙනිදා හිටපු පාලනයම යළි හිස එසෙව්වා නම් ඊට වඩා භයානක යෝජනාවක් එන්න තිබුණා. යුද අපරාධ චෝදනා, චූදිතයන්ගේ නම් කිරීමට ඉඩ තිබුණා. රටට සැබෑ මෛත්‍රී පාලනයක් ආවා. අලුත් රජයක් රට බාරගත්තා.රට තුළ යහපාලනය ක්‍රියාත්මක වන බව මුළු ලෝකයටම පෙනුණා. මානව හිමිකම් සුරකින රජයක්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමක් දකින්නට තිබුණා.මේ සියල්ල ජිනීවා යෝජනාවලියේ විශේෂ පැසැසුමකට ලක්වූ හැටි වාර්තාවේ පැහැදිළිව දකිනවා.

     

    ජනාධිපතිතුමා ,අගමැතිතුමා, විදේශ ඇමැතිතුමා මෙය රටට හිතැති ලෙස වෙනස් කරගැනීම ම රට ලැබූ විශිෂ්ඨ ජයහ්‍රහනයක්.දැනුත් බොරු ප්‍රකාශ කර රට ගිනිතියන්න හදන හැටි තැනින් තැන දකින්නට ලැබෙනවා.

     


    රජයක් හැටියට අපි ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තිවලට බැදිලා සිටිනවා.ජනතාවගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් අපි වූ පොරොන්දු ජාත්‍යන්තරය හමුවේ තිබෙනවා.ඒවා ගැන හිටපු ජනාධිපතිතුමා හොඳට දන්නවා.

     

    බොරු බිල්ලෙක් මවල තම දේශපාලන බංකොළොත්භාවය වහගන්න හදනවා.ඉතාම පැහැදිළිව කියනවා,  රජයක් හැටියට, අපේ දෙයයි ක්‍රියාත්මක විය යුත්තේ කියලා.පරික්ෂණවලට ජාත්‍යන්තර සහයෝගය ලබාගන්නට පුළුවන්.කොබ්බෑකඩුව,ලලිත් ඇතුළත්මුදලි ඝාතනයේ දී ජාත්‍යන්තර සහයෝගය ලබාගත් හැටි දන්නවා.

     

    මේ යෝජනාවලිය අපේ රටට හිතකර එකක්. එය කිසි ලෙසකත් ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස කළමනාකරණය කරන්නට රජය ඉඩ දෙන්නේ නෑ. අපේ රජයට අවශ්‍ය ලෙසයි කටයුතු කරන්නේ.දේශීය අධිකරණ ක්‍රියාවලිය තුළයි අපි සියලු දේ කරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya