උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තා ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසී ය.
වදගත් යෝජනාවක් ගන කතා කිරීමට අවස්ථාව ලබාදීම ගැන සතුටු වෙනව.අද අපි කතාකරන්නේ වගවීම හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්.මේ තත්ත්වය අප විසින්මයි අරගෙන තිබෙන්නේ.එක්සත් ජාතීන්ගේ දිගුකාලීන සාමාජිකයෙක් හැටියට අප සාමාජික රටවල මිත්‍රත්වය අගය කරන්න ඕන.ඉතාමත් සාමකාමී ලෙසයි කටයුතු කරන්න ඕන,සංහිදියාව, වගවීම,මානව හිමිකම්
අංශ ගත්විට.
අපි සියලු දෙනාම එකඟ වෙන්න ඕන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට අපට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා.එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ,ඒ අවස්ථාවේ එකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කළා. වගවීම සම්බන්ධයෙන් විසඳුම් සොයන්න එකඟ වුණා. දරුස්මාන් කමිටුව එන්නේ ඊට පසුවයි. ශ්‍රී ලංකා රජයට වගවීම් සම්බන්ධව සොයා බලන්නට දේශීය යාන්ත්‍රණයක් ඇති කිරීමට හැකියාව තිබුණත් එය ප්‍රචණ්ඩ ලෙස මඟහැරියා. බලයෙන් මත්වෙලා හිටියා. ඒකාධිපතිත්තවයෙන් නීතියේ ආධිපත්‍ය ගැන සැළකිල්ලක් දැක්වුයේ නැහැ
යහපාලනය දක්නට ලබුණේ නෑ.නීතිය දෙවැනි තැනට ආවා.අන්තර්ජාතික අපේ ක්‍රියාකාරකම් හොඳ මට්ටමක තිබුණේ නෑ. අපිට තිබුණේ නොගැඹුරු චින්තනයක්.ජතිවාදී තත්ත්වයන් තමයි රටතුළ දක්නට ලබුණේ.
මේ රටේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරන්න,දේශපාලන වශයෙන් සංහිදියාව ඇතිකරන්න,එකට එකතුවෙලා කටයුතු කළා අතීතයේ දී.ඒ යථාර්තය නැවත තහවුරු වී තිබෙනවා.එය ජනවාරි මස ජනාධිපතිවරනයෙන් පෙන්නුම් කළා.
ශ්‍රී ලංකාව එකමුතුව සම්මුතිවාදී රාජ්යයක් වෙත පියනැගිය යුතුයි.යහපත් අනාගතයක් ඔවුන් බලාපොරොත්තු වනවා.මේ රටේ ජනතාව ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු
මුදුන් පමුණුවා ගනීමට ඉඩ ලබාදෙන්නේ නෑ,.එවැනි දේට ඉඩ ලබා නොදිය යුතුයි නවීන රාජ්‍යයකට මේ රට ගෙන යාමට නම්.අපේ සක්‍යතාවන් සම්පූර්ණයෙන් පාවිච්චි කළ යුතුයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.