නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය කාලේ සිදුවූ දේ නැවත සිදු නොවෙන්න කටයුතු කළ යුතුයි

    ඔක්තෝබර් 23, 2015
    පසුගිය කාලේ සිදුවූ දේ නැවත සිදු නොවෙන්න කටයුතු කළ යුතුයි යැයි උසස් අධ්‍යාපන හා මාහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
     
    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී 
     පැවසී ය.
    දකුණේ දේශපාලන පක්ෂ නියපොත්තනේ කඩන්න තිබුණ දේ කැඩූ නැති නිසයි ප්‍රශ්න ඇති වුණේ. භාෂා අයිතිය ඉල්ලා ආරම්භ කළ සටන වසර තිහක් පැවතුණා. ප්‍රමාද වී හෝ එකතුවී මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුයි. අපේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය එකම කෙනා තමයි මහින්ද රාජපක්ෂ. 1989 මානව හිමිකම් කවුන්සිලයට මුලින්ම ගියේ එතුමයි. 
    1971 කැරැල්ලෙදිවත් ජාත්‍යන්තරයට ගියේ නැහැ. 2009දී එක්සත් ජාතීන්ගේ මහ ලේකමවරයාට දේශීය පරීක්ෂණයක් කරන බවට පොරොන්දු වුණා. කළේ නැහැ. එතුමයි අපේ රට වලට ඇදලා දැම්මේ. මංගල සමරවීර ඇමැතිවරයා ‍රටටම වාසිදායක තත්ත්වයක් 
    ඇති කළා. පසුගිය කාලේ සිදුවූ දේ නැවත සිදු නොවෙන්න කටයුතු කළ යුතුයි.
    අපි අලුත් අධිකරණ යාන්ත්‍රණයක් හදමු. දෙමුහුන් අධිකරණයක් මේ යෝජනාවේ නැහැ. 1948 සිට 1955 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියේ යුරෝපීය ජාතිකයන්.ඩොනමෝර් සාමිවරයා ලංකාවට ආවම උඩරට නායකයින් තමයි මුලින්ම බලය බෙදන්න කිව්වේ. ශ්‍රී ලංකා නිදහස් 
    පක්ෂ සහාය නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. අනාගතයේදී මේ තත්ත්වය දිය යුතුයි. නව ව්‍යවස්ථාවක් හදලා අපි රට දියුණු කරමු යයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya