ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද පැවති විවාදයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාතිවාදය ව්‍යාප්ත කරන හෝ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පිරිස් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කර අවශ්‍ය නීති පදනම් කරගනිමින් කටයුතු කරනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය භාවිත නොකරන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටියේය. එවැනි උත්සාහයන්ට කිසිසේත්ම ඉඩ ලබාදිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ජාතිවාදයට කිසිසේත්ම ඔලුව ඔසවන්න ඉඩදෙන්නේ නෑ. මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනල්ලා හරි එය නතර කරන්න අපි කටයුතු කරනවා..”