සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන සහ තාක්ෂණික දැනුම ලබා දී තිබෙනවා - අමාත්‍ය රමේෂ් පතිරණ

    අගෝස්තු 06, 2024

    කර්මාන්ත අමාත්‍යංශය මගින්, කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන සහ තාක්ෂණික දැනුම ලබා දී තිබෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මෑතක සිට ණය තොරතුරු කාර්යංශයේ(CRIB)  නම් සඳහන් වූ කර්මාන්තකරුවන්ටද මෙම ණය සහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියත්මක වූ බවද අමාත්‍යවරයා කීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

     කොරෝනා සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු  කර්මාන්තකරුවන් අපහසුතාවයට පත් වූ බව අප පිළිගන්නවා. රජය විසින් කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන, ඉඩම් ලබාදීම සහ තාක්ෂණික දැනුම ලබා දෙනවා. කර්මාන්ත අමාත්‍යංශය,  විවිධ වාණිජ සහ පෞද්ගලික බැංකු හරහා විවිධ ණය යෝජනා ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශය හරහා ස්මයිල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මෑතකදී ක්‍රිබ් එකේ ඉන්න අයටත් මෙම ණය සහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya