සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරක සභා කිහිපයක් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ

    අගෝස්තු 06, 2024

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ. 

    සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි වේ.

     පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි,  (මහාචාර්ය) චන්න ජයසුමන,  (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, වඩිවේල් සුරේෂ් , එස්. සී. මුතුකුමාරණ,  (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, සුමිත් උඩුකුඹුර,  සංජීව එදිරිමාන්න, (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.

     

    සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි නම් කර තිබේ.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09  දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව,  සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න,  (මහාචාර්ය) තිස්ස විතාරණ, (මහාචාර්ය) චන්න ජයසුමන, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, කෝකිලා ගුණවර්ධන , කුලසිංහම් තිලීපන්,  සුදත් මංජුල, (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, මර්ජාන් ෆලීල්, ගරු ජගත් සමරවික්‍රම,  වීරසේන ගමගේ යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.

     

    ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි වේ.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2024 අගෝස්තු 02 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya