සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

    අගෝස්තු 06, 2024

    පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙන බව  අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පාසල්වල මුරකරුවන්ගේ හිඟය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මුරකරුවන් බඳවා ගත යුතු බවයි.

     

    පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන මුරකරුවන්ගේ හිඟයක් පවතින බවත්, 

    පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අනුයුක්තව මුරකරුවන් බඳවා ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

     

    පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සහායක සේවාවක් ලෙස නම් කර ඇති බවත් පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya