සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු නාවික හමුදා භාරයට

    සැප්තැම්බර් 19, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ පසුගිය දා (17) වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක්මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමටකටයුතු කෙ‍රිණි. 

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

    ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පසුගිය දා කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේ දී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර එකොළහක (11) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.   

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කෘමිනාශක තොගය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya