සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක්

    සැප්තැම්බර් 19, 2024

    නිදහස් සහ සාධාරණ මැතිවරණයක්  පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට  මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය. අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවන අතර , යුද හමුදාවේ 3000ක් සහ විශේෂ කාර්ය බළකායේ 2500ක් යොදවා තිබේ.

    ජංගම මුර සංචාර වෙනුවෙන් පොලිස් නිලධාාරින් 12,400ක්  සහ  මාර්ග බාධක 269ක් යොදවා තිබේ.

     

    මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශකවරයා පැවසුවේ පොලිසීයට විමර්ෂණය කිරීම සඳහා අද දක්වා  මැතිවරණ පැමිණිලි 464 ක් පමණක් ලැබී ඇති බවයි. එයින් අපරාධමය පැමිණිලි 148ක් සහ  මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 316ක් ලැබී ඇතැයිද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya