සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

    සැප්තැම්බර් 19, 2024

    ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සන්නද්ධ හමුදා සංග්‍රාමික පාඨමාලාව - 2024 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් විසි එක් (21) දෙනෙකු ගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් ඊයේ (18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් Mohammad Shaheenul Haque සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි. 

    ඒ අනුව, බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින්  දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහාද බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාවන් සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක Commodore Mohammad Moniruzzaman ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya