අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්වලා සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළට Featured

    සැප්තැම්බර් 22, 2019

    නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හා ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    නිල්වලා හා ගිං ගඟ පෝෂිත ප‍්‍රදේශයට පවතින අධික වර්ෂාපතන හේතුවෙන් මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් එම නිවේදනයේ සදහන්.

    ඒ අනුව නිල්වලා ගඟ පානදුගම සහ ඌරව ප‍්‍රදේශයේ පවතින සුළු ගංවතුර තත්ත්වය වැඩි වෙමින් පවතින අතර නිල්වලා ගඟේ පිටබැද්ද ජල මිනුම් ස්ථානයේද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවනිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ගිං ගඟ තවලම ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න මට්ටමේ පවති. මේ අනුව නිල්වලා සහ ගිං ගඟ දෙපස හා ඊට සම්බන්ධ අතු ගංඟා දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya