අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාවෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට.

    සැප්තැම්බර් 27, 2019

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ වන විට යහපත් වුවද පැවති අයහපත් කාලගුණික තත්වයෙන් පවුල් 35,628 කට අයත් පුද්ගලයින් 138,993 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (27) නිවේදනය කළේය.

    මේ වන විට වැසි තත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කළද දිස්ත්‍රික්ක 9 ක ආපදා තත්වයක් ඇතිවී ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.පසුගිය දින කිහිපය ඇතුළත දිවයිනට ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළුතර,කෑගල්ල,ගාල්ල සහ මාතර යන දිස්ක්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇති බවත් එම ප්‍රදේශ සදහා නායයෑම් පූර්ව අනතුරු ඇගවීම්ද නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.වර්ෂාවෙන් පීඩාවට පත් පවුල් හට ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහනාධාර ලබාදීමටද කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ අමාත්‍යාංශය සදහන් කළේය.

    පැවති අධික වර්ෂාව හේතුවෙන් ගිංගග,නිල්වලා ගග සහ අත්තනගලු ඔයෙහි වැඩිවී තිබූ ජල මට්ටම මේ වන අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.වර්ෂාව සහ නායයාම හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව එකක් වන අතර තවත් පුද්ගලයන් සය දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya