අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින අයහපත් කාළගුණය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් කඩිනම් සහන Featured

    සැප්තැම්බර් 25, 2019

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී තිබේ.

    පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් පවුල් 20,815කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

    කොළඹ, ගම්පහ,ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ. පුද්ගල මරණ 01ක් වර්තා වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගණන 06කි. පූර්ණ නිවාස 27 ක් සහ අර්ධ නිවාස 334ක් හානියට පත්ව ඇත.
    මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    අද(25) දිනයේත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ නිරතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ වන විටත් නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට ද සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කරන ලදී. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇත.
    ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ(25) ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya