අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු වෙරළ තීරය රැක ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

    සැප්තැම්බර් 29, 2019

    වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 සැප්තැම්බර් 28) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.

    ඒ අනුව, දකුණු නාවික විධානය විසින් ගාල්ල, මහමෝදර වෙරළ තිරය සහ තංගල්ල, පරවි වැල්ල වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී වෙරළ තීරයන් හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

    දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යෑමට අපි සැම කටයුතු කළ යුතු වන අතර, එම යුතුකම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමඟින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya