අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාව විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා පිළිගනී.

    සැප්තැම්බර් 29, 2019

    පොදුරාජ්‍ය මණ්ඩලීය පවුලට මාලදිවයින නැවත ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාව විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විසින් බ්‍රහස්පතින්දා දින පිළිගන්නා ලදී. රුවන්ඩාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව - 2020 සඳහා මාලදිවයිනට පූර්ණ වශයෙන් සහභාගී වීමට ඉඩ ලබා  දීම සඳහා මීට පෙර ගැම්බියාව ඇතුළත් කර ගැනීමේදී යොදාගත් වේගවත් ක්‍රියා පටිපාටියට ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් සහයෝගය ලබා දෙන බව ඔහු නැවතත් අවධාරණය කරන ලදී.

    පොදුරාජ්‍ය මණ්ඩලීය සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 වන දින නිව්යෝක් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ආර්යසිංහ මහතා මෙම ප්‍රකාශය සිදු කළේය. “සමීප අසල්වැසියෙකු මෙන් ම දකුණු ආසියානු සගයෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වන අතර පසුගිය වසරේදී මාලදිවයිනේ නව පරිපාලනය විසින් දියත් කරන ලද එක් මූලික පියවරක් වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත එක්වීමට එහි කැමැත්ත ප්‍රකාශ කිරීමයි. ” යනුවෙන් එම මහතා සඳහන් කළේය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය විසින් 2019 ජනවාරි මස මාලදිවයිනේ පුළුල් තක්සේරු මෙහෙයුමක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ධනාත්මක තීරණයක් ලැබෙනු ඇතැයි විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේය; එහිදී නැවත ඇතුල් වීමට ඇති ඕනෑම බාධාවක් වරින් වර සියලු රටවලට බලපාන හුදු ප්‍රමාද දෝෂයන් ලෙස සැලකිය යුතුය. ඔවුන්ගේ මාර්ගයට බාධා පමුණුවන අමතර බාධක ඇති නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

    2019 සැප්තැම්බර් 27වන සිකුරාදා දින නිව්යෝක් නුවර පැවති 77 වන කාණ්ඩයේ (ජී 77) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ද එම මහතා සහභාගී විය. අවම වශයෙන් සංවර්ධිත රටවල්, ගොඩබිමින් වට වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් වැනි විශේෂ තත්ත්වයේ රටවල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග ගැනීමට ජී77 මහඟු වශයෙන් මූලික වී ඇති බව ප්‍රකාශ විය. මෙම ගැටළු ආර්ථික හා සමාජ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන අතර එම රටවල තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව ද කෙරෙහි බලපෑම් ඇති කරයි. අවදානමට ලක්විය හැකි සහ ආන්තිකකරණයට ලක්වූ රාජ්‍යයන් සඳහා, විශේෂයෙන්ම මූල්‍යකරණය සහ ශක්‍යතා වර්ධනය සඳහා වැඩි වශයෙන් ජාත්‍යන්තර ආධාර සහ සහාය ඉල්ලා සිටීම සඳහා සාමූහික හඬක් ලෙස මෙම කාණ්ඩය ක්‍රියා කළ යුතුය.

    මීට අමතරව, “විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය” පදනමෙහි සම ආරම්භකයෙකු ලෙස ශ්‍රී ලංකාව සිටින ආසියානු සහයෝගිතා සංවාදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ප්‍රකාශයක් නිකුත් කරමින්, සංචාරක ක්‍ෂේත්‍රයෙහි තිරසාර සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනයක් සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි ආසියානු සහයෝගිතා සංවාද කලාපයේ ඇති විශාල විභවය පිළිබඳ විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා සඳහන් කළේය. කලාපයේ ආර්ථික තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ආසියානු රටවලට ගෝලීය වෙළඳපොළ තුළ සමාන පදනමක් මත තරඟ කිරීමට ආසියානු සහයෝගීතා සංවාදය කේන්ද්‍රීය කර ගනිමින් අවස්ථාව ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya