අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ ජීව විද්‍යා විෂයෙන් විභාගයට පෙනි සිටි සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදුවන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍යංශය Featured

    සැප්තැම්බර් 29, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි අයදුම්කරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි විභාගය පවත්වා තියෙන බවත් උත්තර පත්‍ර ඇගයීමේ දී ද ඔවුනට සාධාරණය ඉටුවන පරිදි කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්  බී.සනත් පූජිත මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට සනාථ කර ඇත.

    උසස් පෙළ ජීව විද්‍යා ගුරු මාර්ගෝපදේශය හා එම විභාගය පෙනී සිටි සිංහල දරුවන්ට අසාධාරණයක් වන බැව් පවසමින් කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිළ මහතා ඉකුත් දා මාධ්‍ය හමුවක දී කරන ලද ප්‍රකාශය කරුණු හරිහැටි සොයා නොබලා පදනම් විරහිතව සිදු කරන ලද්දක් බව ද එහි දී විභාගයට පෙනී සිටි සිසුන් යැයි සඳහන් කරමින් සිඳුකළ ප්‍රකාශය ද කරුණු නොදැන සිදුකර තිබෙන බව පෙනී යයි.

    අධ්‍යාපනයේ අරමුණක්  වන්නේ නිදහස්  හා නිවහල් චින්තනයෙන් යුත් ජනතාවක් රටට දායාද කිරීමයි. ඒ සඳහා බියෙන් සැකෙන් හා කිසිදු බලපෑමකින් ද තොරව නිදහසේ අධ්‍යාපනය ලැබීමට දරුවන්ට ඉඩකඩ සම්පාදනය කිරීම බුද්ධිමත් දේශපාලකයකුගේ යුතුකම හා වගකීමකි. එබැවින් එම යුතුකම හා වගකීම පැහැර හැරීමෙන් සිදුකරන්නේ පටු දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් දරුවන් බියට පත්කොට ඔවුන්ගේ අනාගතය අඳුරට ඇද දැමිම මිස වෙනකක් නොවේ.

    මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී. ඒ. ආර්. ජේ.ගුණසේකර මහත්මිය උසස් පෙළ ජීව විද්‍යා ගුරු මාර්ගෝපදේශ 12 ශ්‍රේණිය සිංහල හා දෙමළ මාධ්‍ය පිටපත් 2018 පෙබරවාරි අවසන් සතියේ දී එම විෂය උගන්වන සියලු පාසල් වෙත තැපැල් මගින් යවා ඇති බවත් 13 ශ්‍රේණියේ එම විෂය උගන්වනු ලබන සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා 2018-06-11 දින සිට   2018-07-31දක්වා පැවැති ගුරු පුහුණු වැඩමුළු වල දී ජීව විද්‍යා ගුරු මාර්ගෝපදේශ බෙදා දුන් බව ද සඳහන් කරයි. මෙම ගුරු මාර්ගෝපදේශ සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ ද පළකර ඇතැයි ද ඊට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ද එම මාර්ගෝපදේශ මුද්‍රණය කර අදාළ සියලු පාසල් වෙත බෙදාහැර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්තුමිය සඳහන් කරන්නීය.

     ජීව විද්‍යා නිර්දේශය සකස් කිරීමේ කණ්ඩායමට නායකත්වය දුන් නිලධාරිනිය ජීව විද්‍යා විෂය ක්ෂේත්‍රයේ උපාධියක් හදාරා ඇති බවත් මෙවර පමණක් නොව මීට පෙර අවස්ථාවේ සිදු වූ ජීව විද්‍යා විෂය මාලාව සංශෝධනයට නායකත්වය සපයන් ලද්දේ ද අදාළ නිලධාරිනිය ම බවත් භාෂා පරිවර්තන කටයුතු විෂය ප්‍රවීනයන් විසින් සිදුකරන ලද බවත් ජාතික අධ්‍යාපන ආයතනය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya