අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි - අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    ඔක්තෝබර් 01, 2019

    සවස් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, සවස 02.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 75-100 ත් පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථාන වල උදැසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දෙන අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya