අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් Featured

    සැප්තැම්බර් 24, 2019

    අද(24) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


    බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලපාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර ඊයේ(23) දින පෙරවරු 8.30 යේ සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

    මිලිමීටර් 219ක වර්ෂාපතනයක් කටුනායකට ලැබී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 175ක වර්ෂාපතනයක් සහ හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක් පතිත වී ඇති බව වාර්තා වෙයි.

    දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට(25) රාත්‍රිය කාලය දක්වා තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya