මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක 18 කට පානීය ජලය බෙදීමේ කටයුතු තවදුරටත් - ජාතික ආපදා සහන සේවා අධ්‍යක්‍ෂ Featured

    ඔක්තෝබර් 01, 2019

    මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බල පෑ දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල පහසුකම් බෙදා දීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ආපදා සහන සේවා අධ්‍යක්‍ෂ චමින්ද පතිරාජ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

    රත්නපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, නුවර, හම්බන්තොට, පොලොන්නරුව, අනුරාධපුරය,අම්පාර ත්‍රිකුණාමලය මඩකලපුව මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල හත් ලක්‍ෂ තිස් තිස් දහසකට ආසන්න පිරිසක් මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    යම් තරමක වැසි තත්ත්වයක් මෙම දිස්ත්‍රිකක වල දක්නට ලැබුණ ද ප්‍රමාණවත් තරම් වැසි නොලැබීම නිසා ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ද වගා හානි පිළිබඳව මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැති බව ද මෙහි දී සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya