මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද සලකුණු කිරීමේ දී සහයෙකු සමඟ යා හැකියි - මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් Featured

    ඔක්තෝබර් 01, 2019

    පූර්ණ ලෙස හෝ අර්ධ දෘශ්‍යබාධිත ත්ත්ත්වයටකට හෝ යම් ශාරීරික නොහැකියාවකින් යුතු ඡන්ද හිමියෙකුට ඡන්ද සලකුණු කිරීමේ දී සහයෙකු සමඟ යා හැකි වන පරිදි අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා ඇතැයි මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී පවසා සිටියේය.

    ඒ අනුව, ඔක්තෝබර් 11 දා ඇල්පිටිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත  බවත්, අදාළ ඡන්ද හිමියන් විසින් තමන් එවැනි ශාරීරික දුබලතාවයකට හෝ පූර්ණ ලෙස හෝ අර්ධ දෘශ්‍යබාධිත ත්ත්ත්වයටකට පත්ව සිටී නම් ඒ බව අදාල ග්‍රාම නිළධාරී හරහා ඒ සඳහා ඉල්ලුම් කල යුතු බවත්, එලෙස ඉල්ලුම් කරන සහායකයාට අදාළ වන පරිදි නීති මාලාවක් ද හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත්, එහි පළමු නීතියට අනුව එම සහයකයා වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අයෙකු විය යුතු බව අනිවාර්යය වන බවත් මෙහි දී රත්නායක මහතා පවසා සිටියේය.

    තව ද එම සහයකයා දේශපාලන පක්ෂයක බලය ලත් නියෝජිතයෙකු හෝ ඡන්ද පොල නියෝජිතයෙකු වශයෙන් ද කටයුතු කරන්නෙකු නොවිය යුතු බව ද , එම ඡන්ද විමසීම සඳහා තරඟ කරන අපේක්ෂකයෙකු ද නොවිය යුතු බව ද  වැඩි දුරටත් සඳහන් කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya