අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මුද්දර ප්‍රදර්ශනය 05 වනදා සිට Featured

    ඔක්තෝබර් 01, 2019

    ජාතික මුද්දර ප්‍රදර්ශනය පැවැත්වෙන මේ මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා කාලය තුළ පැරණි මුද්දර හා කාසි නෝට්ටු අලෙවි පොළක් පැවැත්වෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


    ලෝක තැපැල් දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10 ,ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.
    පැරණි කාසි,නෝට්ටු සහ මුද්දර අලෙවි කුටි තිහකට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
    එළඹෙන 05 වැනි දින වස්ගමුව විශේෂ මුද්දර නිකුත් කිරීම , මහත්මා ගාන්ධි තුමාගේ විශේෂ සිහිවටන පත්‍රිකාව හා කොළඹ නෙළුම් කුළු⁣ණේ විශේෂ සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංසන්ධු මහතාගේ හා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya