මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 11387ක පුද්ගලයින් 45,091ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. Featured

    සැප්තැම්බර් 24, 2019

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්වල පවුල් 11387ක පුද්ගලයින් 45,091ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්රික්ක පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගත්තේය.

    කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය ලබා දුන් එම රතු නිවේදන තවදුරටත් වලංගු බවත් නාය යාම් ලක්ෂණ ඇති ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහා මධ්‍යම පළාත්වලට ඉදිරි පැය 24 තුළද මිලිමීටර් 200 ඉක්මවන වර්ෂා පතනයක් බලාපොරොත්තු විය හැකි බවත් එමෙන්ම වයඹ, උතුර , ඌව සහ නැගෙනහිර යන පළාත්වලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    මේ අතර දිවයිනේ පළාත් රැසකට බලපා ඇති අධික වර්ෂාව තවදුරටත් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    එමෙන්ම කළු ගගේ මිල්ලකන්ද ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති අතර
    නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ඇත. බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

    පානදුගම ජල මාපකයේ ජල මට්ටම ගංවතුර මට්ටම ඉක්මවා ඇති හෙයින් අතුරලිය,අකුරැස්ස,හා මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගග ආසන්න පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    එමෙන්ම අපදා කළමණාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරු,ආරක්ෂක අංශ සහ ග්‍රාමනිලධාරීන් හා එක්ව අවශ්‍ය සහන සේවා කටයුතු වල නියැලෙන බවද දන්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya