අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අධිවේගී මාර්ගයේ වේගය 60ට අඩු කරන්නයි රියැදුරන්ගෙන් ඉල්ලීමක් Featured

    සැප්තැම්බර් 24, 2019

    මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර,දකුණ මධ්‍යම හා සබරගමුව යන පළාත්වලට ඇදහැළෙන අධික වර්ෂාව සැළකිල්ලට ගෙන දකුණු අධිවේගී මාර්ගයේ (කොළඹ, මාතර)  රිය ධාවන කටයුතුවලට ද යම් බාධාවන් එල්ලවන බැවින් දකුණු අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් වැසි සහිත මෙම කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සඳහා (පැ.කි.මී.60) වේග සීමාව නොඉක්මවා හා රථයේ ප්‍රධාන විදුලි ලාම්පු ද දල්වා (Head Light) රිය ධාවන කරන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.කේ.කහටපිටිය මහතා ඉල්ලා සිටී.

    රටේ ඇති වී තිබෙන මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවිය හැකි මාර්ග අනතුරු හා වෙනත් හදිසි ආපදා අනතුරු වළක්වා ගැනීම සඳහා ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු අතර එම හදිසි අනතුරු  තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පොලීසිය හා අදාළ අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද දකුණු අධිවේගී මාර්ගය භාවිත කරන සමස්ත රියදුරන්ගෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට 2019 .09.23 වන දින පෙ.ව.8.30 සිට අද (24) දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ, හියාරෙ සහ හික්කඩුව යන ප්‍රදේශවලට මි.මී.165 කට අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එම වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (25) රාත්‍රී දක්වාම පැවතිය හැකි බැවින් විශේෂයෙන් දකුණු අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන පරීක්ෂාකාරී ලෙස රිය ධාවන කර අනතුරු වළක්වා ගන්නා මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya