අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේදී නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩිවීමක් Featured

    සැප්තැම්බර් 22, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

    සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.  

    උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

    ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya