මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව අද සහ හෙට කිරිඳිවැලදී Featured

    සැප්තැම්බර් 21, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ආයෝජකයන්ට අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමේ දී පැන නඟින ගැටලු වලට විසඳුම් ලබාදීමේ ජංගම සේවාව අද සහ හෙට (21,22) කිරිඳිවැල මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

    ලබන සති අන්තයේ (28, 29) දෙදින පුත්තලම, මන්නාරම, ගාල්ල දිස්ත්‍රික්කවල ද ඔක්තෝම්බර් 5, 6 දිනවල මාතර හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද මේ ජංගම සේවාව පැවැත්වේ.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි දී ආයෝජකයන්ට ණය අයදුම්පත් නිකුත් කිරීම, බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන්, ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම ආදී සේවාවන් රැසක් ලබා ගත හැකිය. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ඇරැඹුම වැඩසටහන යටතේ උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සංචාරක සංවර්ධන අධිකාරිය මඟින්, සංචාරක හෝටල් හා සුළු නිවාස නිකේතන (Homestays) සඳහා උපදේශන සේවා හා අනුමැතිය ලබාදීම් සඳහා සහාය ලබාදීම සිදු කෙරේ. බැංකු සඳහා අවශ්‍ය ව්‍යාපාර යෝජනා සකස් කර දීම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සොදුරු පියස ණය යෝජනා ක්‍රමයේ ණය අයදුම්පත් ලබාදීම, ණය අයදුම්කරුවන්ගේ ණය ලබා ගැනීමේ ගැටලු නිරාකරණය කිරීම් මුදල් අමාත්‍යාංශය මගින් විශේෂ ණය සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳ උපදේශන සේවාවන් යන සේවාවන් ජංගම සේවා පරිශ්‍රයේ දී ලබා ගත හැකිවේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය, සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් ණය යොජනා හඳුන්වා දී ඇති අතර, ඉන් කෘෂිකර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නිවාස ඉදිකිරීම් හා රැකවරණ ණය යෝජනා ක්‍රම ප්‍රධාන වේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ක්‍රියාත්මක මේ ණය යෝජනා ක්‍රමය මඟින් බිහිවන නව ව්‍යාපාරික ප්‍රජාව හරහා රටෙහි සංවර්ධනය වේගවත් කිරීම බලාපොරොත්තු වන අතර, ඉන් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya