අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුගොඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම හෙට(22)යි Featured

    සැප්තැම්බර් 21, 2019

    පුගොඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හෙට(22)සිදු වේ.

    නව අධිකරණ සංකීර්ණය  සදහා රුපියල් මිලියන 328 ක (රු.328,525,500.00) මුදලක් වැය කිරිමට නියමිතයි.

    මහල් තුනකින් සමන්විතව ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක් මහෙස්ත්‍රාත් අධිකරණයක් කාර්යාල හා අනෙකුත්  පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමට නියමිතව තිබේ.

    මෙහි ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කරනු ලබන අතර දින 730 ක් තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි.

    මේ අතර රුපියල් මිලියන 276 ක් වැය කරමින් ඉදි කළ අනුරාධපුර නව අධිකරණ සංකීර්ණය එළඹෙන 28 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබේ. රුපියල් මිලියන 500 ක වියදමකින් ඉදි කිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා මේ වසරේ මුල්ගල තැබීම සිදු කළ අතර මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය වන මාතලේ දිස්ත්‍රික්කයේ නව මහාධිකරණයක් ස්ථාපිත කිරිම ද සිදු කර තිබේ.

    රුපියල් මිලියන 400 ක මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිත තෙල්දෙණිය අධිකරණ සංකීර්ණයට මෙම වසරේ සිදු කිරීමට නියමිතයි.

    රුපියල් මිලියන 1119 ක මුදලක් වැය කරමින් ඉදි කළ මාතර නව අධිකරණ සංකීර්ණය හා රුපියල් මිලියන 82 ක මුදලක් වැය කරමින් ඉදි කළ කල්මුනේ සිවිල් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීම මෙම වසර තුළ සිදු කිරිමට නියමිතව තිබේ.

    රුපියල් මිලියන 327 ක මුදලක් වැය කරමින් මහල් තුනකින් යුතුව සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කළ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya