මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහසක් නිමැවුම් 2019 - ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනය සහ තරඟාවලිය ඇරඹේ

    සැප්තැම්බර් 21, 2019

    සහසක් නිමැවුම් 2019 - ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනය සහ තරඟාවලිය ඇරඹේ

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන නවෝත්පාදනයේ ශ්‍රී ලාංකීය ප්‍රවේශය සහසක් නිමැවුම් - 2019, නව නිර්මාණ ප්‍රදර්ශනය සහ තරඟාවලිය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ දින (20) විවෘත විය. සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය අංකුර නිර්මාණ ශිල්පීන් හදුනාගනිම සහ ඔවුන් දිරිගන්වමින් ඉහළ තලයකට ඔසවා තැබීම, රට තුළ නව නිපැයුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ එම නිර්මාණ වාණිජකරණය සඳහා අවස්ථාව සලසා දීම යන අරමුණු ඇතිව සහසක් නිමැවුම් ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරයි.

    මෙම ප්‍රදර්ශනය හා තරඟාවලිය පාසල්, විශ්වවිද්‍යාල හා තෘතීයික අධ්‍යාපන ආයතන, විවෘත සහ වාණිජකරණ යන අංශ හතර යටතේ පැවැත්වෙන අතර, කාණ්ඩ 14 කින් නිර්මාණ 382 ක් මෙවර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ. එසේම මෙවර ප්‍රදර්ශනය මැලේසියාව, ඉන්දියාව සහ ඉරානය යන රටවල්හි නියෝජනය ද සහිතව ජාත්‍යන්තර තරගයක් වශයෙන් සංවිධානය තිබීම විශේෂත්වයක් වේ.

    මුළු දිවයිනේම පළාත් 9 ආවරණය වන පරිදි පළාත් මට්ටමෙන් සිදු කරන ලද නව නිපයුම් තරගාවලියේදී ප්‍රශස්ත මට්ටමට ළඟා වූ නිර්මාණ ලෙස ඇගයීමට ලක් වූ නව නිර්මාණ මෙම ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් ඉදිරිපත් කරනු ලැබේ. නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විසින් විශිෂ්ඨතම නව නිර්මාණ සඳහා වාර්ෂිකව දසිස් සම්මානය පිරිනමණු ලබයි. ඒ සඳහා අදාළ නිර්ණායකයන් සම්පූර්ණ කරන විශිෂ්ට මට්ටමේ නිර්මාණ හඳුනාගෙන මෙවරද දසිස් සම්මානය පුද කිරීමට නියමිතය. ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 22 දින දක්වා පැවැත්වෙන අතර පෙ.ව.9.00 සිට ප.ව.6.00 එය විවෘතව පවතී.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර, අධ්‍යක්ෂ එන්. ඩබ්. දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya