අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව සැප්තැම්බර් 21 සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ. Featured

    සැප්තැම්බර් 19, 2019

    එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව සැප්තැම්බර් 21 සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.

    සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ස්වයං රැකියා හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සහනදායි පොළී ණය යටතේ ජනතාව වෙත ගොස් ලබා දීමේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව ඉදිරි සැප්තැම්බර් මාසයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පැවැත්වීමට මුදල් අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

    ඒ අනුව, 2019 සැප්තැම්බර් 21 හා 22 යන දෙදිනයන් හි කිරිඳිවැල මහා විද්‍යාලයේ දී ද, සැප්තැම්බර් 28 හා 29 යන දිනයන් හි දී පුත්තලම, මන්නාරම, ගාල්ල යන දිස්ත්‍රික්ක වල ද, ඔක්තෝම්බර් 05 වන 06 දිනයන් හි දී මාතර සහ හම්බන්තොටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවකට අනුව අයවැය මඟින් සම්මත වූ මෙම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය මඟින් මේ වනතෙක් රුපියල් මිලියන 93,000 ක් වටිනා ප්‍රාග්ධනය 58,000 ක් පමණ පුද්ගලයින් වෙත ණය වශයෙන් ලබා දී තිබේ.

    නව ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා ණය අවශ්‍ය පුද්ගලයින්ට බැංකු හරහා සහන පොළිය යටතේ රුපියල් ලක්‍ෂයේ සිට රුපියල් මිලියන 750 ක් දක්වා ණය ලබාගත හැකි වේ. මේ යටතේ ස්වයං රැකියා සඳහා සහ උපාධිධාරීන්ට පොළී රහිත ණය ද, අනෙකුත් ව්‍යාපාර සඳහා 50% සිට 75% දක්වා පොළී සහන ලබා දී ඇත.

    ණය අපේක්ෂා කරන පුද්ගලයින්ට රාජ්‍ය බැංකු මඟින් පහසුවෙන් ණය ලබාගත හැකි වන පරිදි ජංගම සේවා පරිශ්‍රයේ දී පහසුකම් ලබා දී ඇත. ණය අයදුම්පත් නිකුත් කිරීම, බැංකු ණය ලබා ගැනීම සහ අවශ්‍ය උපදේශන සේවාවන්, ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම්, අපනයන කරුවන් ලියාපදිංචි කිරීම් ආදිය සිදු කෙරේ.

    අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක ඇරඹුම් වැඩසටහන යටතේ උපධ්ධාරින් ලියාපදිංචි කිරීම, සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් සංචාරක හෝටල් සහ සුළු නිවාස නිකේතන, HOMSTAYS, සඳහා උපදේශන සේවා හා අනුමැතිය ලබා දීම් සඳහා සහය ලබා දීම සිදු කෙරේ. බැංකු සඳහා අවශ්‍ය ව්‍යාපාර යෝජනා සකස් කිරීම, ජාතික නිවාස සංවර්ධන අධිකාරී යේ සොදුරු පියස ණය යෝජනා ක්‍රමයෙන් ණය අයදුම්පත් ලබා දීම, ණය අයදුම්කරුවන්ගේ ණය අයදුම් කිරීමේ ගැටළු නිරාකරණය කිරීම, මුදල් අමාත්‍යංශය මඟින් විශේෂ ණය සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පිලිබඳ උපදේශන සේවාවන් මෙහි දී ලබා ගත හැක.

    එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂි කර්මාන්තය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නිවාස ඉදිකිරීම් හා රැකවරණ ණය යෝජනා ක්‍රමය ප්‍රධාන වේ. මේ මඟින් රටේ සංවර්ධනය වේගවත් කිරීම හා ඉන් ව්‍යවසායකයින් ලක්‍ෂයක් බිහි කිරීමට මුදල් අමාත්‍යංශය සැළසුම් කර තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya