අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගී ප්‍රවාහන සේවාවේ යෙදීමේදී නීතියට පටහැනි දේ කරමින් සහනය ඉල්ලන්න එපා

    ජූලි 08, 2014

    මගී ප්‍රවාහන සේවාවේ යෙදීමේදී ධාවන නීති උල්ලංඝනය කර, ඊට දඬුවම් ලැබීමේදී නියාමන ආයතනවලින් සහනය ඉල්ලා නොසිටින්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා බස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.


    විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථවල වැඩිපුර මගීන් පටවාගෙන ඒම, අපරීක්ෂාකාරී ධාවනය ඇතුළු වැරදි සිදුකර පොලීසියට හසු වූ විට මුදල් දී ඉන් බේරීමට කටයුතු කර, අල්ලස් ගන්නේ යැයි පොලීසියට චෝදනා නොකරන ලෙසත්, තමන් නිවැරදි නම් පොලීසියට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් දීමේ අවස්ථාවක් නිර්මාණය නොවන බවත් සභාපතිවරයා බස් හිමියන්ට දැන්වීය.


     සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවති යාපනය - කොළඹ මාර්ගය ප්‍රමුඛව කොළඹ සිට උතුර හා නැගෙනහිර පළාත් ප්‍රදේශ අතර ධාවනයේ යෙදෙන මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගේ ගැටලු විසඳීමේ හමුව අමතමිනි.
     මෙම රැස්වීමේදී, අනවසර බස් රථවලින් මගීන් ප්‍රවාහනය කිරීම, ආසන වෙන් කිරීමේ අවිධිමත් පෞද්ගලික ස්ථානයන් පවත්වාගෙන යාම, බස් රථ සේවාවන්ට අනියමින් සම්බන්ධව සිටින පාතාල ක්‍රියාකරුවන්ගේ කප්පම් ගැනීම්, පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට සිදුව ඇති බව පැවසීම ආදිය බස් හිමියන් ඉදිරිපත් කළ ප්‍රධාන ගැටලු අතර වූහ.


    විශේෂයෙන් යාපනය බස් නැවතුම්පළ ආශ්‍රිතව පවත්වාගෙන යන ආසන වෙන්කිරීමේ අවිධිමත් ක්‍රියාවලියක්  තුළින් බස් හිමියන් දැඩිලෙස ගසාකෑමකට ලක්වන බවද බස් හිමියන් මෙහිදී සඳහන් කරනු ලැබීය.     

       
    උක්ත ගැටලු සඳහා පොලීසිය හා අදාළ පළාත් බලධාරීන් සමඟ සාකච්ඡා කොට බස් හිමියන්ට හැකි ඉක්මනින් සහනයක් ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.


    1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ 18 වන වගන්ති ප්‍රකාරව අන්තර් පළාත් මගී ප්‍රවාහනය සඳහා මගී සේවා අවසර පත්‍ර (බලපත්‍ර) නිකුත් කිරීමේ බලය ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පමණි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මගී සේවා අවසර පත්‍ර නොලබා අන්තර් පළාත් මාර්ගවල බස් රථ මගින් මගී ප්‍රවාහනය නොකළ යුතු වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya