අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු සතිය ඇරඹේ

    ජූලි 08, 2014


    ඊයේ (07) සිට රේගු සතිය ආරම්භ විය. ලබන 14වන දින රේගු මූලස්ථාන ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිත වේ.මීට සමගාමීව මෙම රේගු සතිය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.


    මෙම සතිය තුළ රේගු දෙපාර්තමේන්තුව හා එහි ඉතිහාසය පිළිබඳව පාසල් ළමුන් සහ මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙන සම්මන්ත්‍රණ රැසක් පැවැත්වීමට රේගුව මගින් කටයුතු යොදා ඇත.ඊයේ දින පමණක්  ශ්‍රී ලංකා රේගුව මගින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය සඳහා පාසල් ළමුන් 300කට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට රේගු ආඥා පනත්, නීති රීති, ආනයන අපනයනකරුවන්ට රේගුව හරහා හිමිවන වරප්‍රසාද මෙන්ම රේගුවේ ඉදිරි සැලසුම් පිළිබඳව වැඩිදුරටත් අවබෝධයක් ලබාදීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya