අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි අවුරුදු 2500කට වඩා දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියක්

    ජූලි 08, 2014


    අපි අවුරුදු 2500කට වඩා දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියක් බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. මෙහිදී අගමැතිවරයා පැවසුවේ,  “දීර්ඝ  ඉතිහාසය තුළ විවිධ ජාතීන් අපත් සමඟ ජීවත් වුණා.

    බෞද්ධ පදනම තුළ පිහිටා අප සැවොම බොහෝම සහජීවනයෙන් ජීවත් වුණා. ඉතිහාසය තුළ අපට මුහුණ දෙන්න සිදුවුණ  බොහෝමයක් අභියෝගාත්මක අවස්ථාවලදී මහා සංඝරත්නයේ උපෙදස් හා මඟ පෙන්වීම් තුළින් අපි ඒවා විසඳා ගත්තා. ජනාධිපතිතුමාට තිස් වසරක් මේ රටට ශාපයක් වෙලා තිබුණු යුද්ධය ජයගන්න මහා සංඝරත්නයේ උපෙදස් හා මඟ පෙන්වීම් ලබා දුන්නා. අප සෑම අවස්ථාවකදීම මහා සංඝරත්නයේ උපදෙස් ලබා ගැනීමට සූදානම්.


    අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ, පූජ්‍ය බදුල්ල ගම්මන රතනසාර නාහිමියන් වෙත මොනරාගල දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මොනරාගල ප්‍රමූඛ ඌව පළාත තමයි ඉංග්‍රීසි පරිපාලනයට එරෙහි ප්‍රථම සිංහල විමුක්ති සටන මෙහෙය වූයේ‍.
     

    එවන් ශ්‍රේෂ්ඨ පරපුරකින් පැවත එන බදුල්ල ගම්මන රතනසාර නාහිමියන් වහන්සේ වෙත මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත්වෙනවා. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි යන භාෂා පිළිබඳ විශාරදයෙකු වූ රතනසාර හිමියන් අෂ්ඨ මහා පිරිවෙන් සම්ප්‍රදායට අනුව යමින් ස්වකීය ශිෂ්‍ය සමූහයා කෙ‍රෙහි භාෂා හා ශාස්ත්‍ර ඥානය ලබා දී සමාජයට වැඩදායී ගෝල පරපුරක් බිහිකරලා තියෙනවා. අද සමාජයට අවශ්‍ය වන්නේ එවන් උගත් භික්ෂූන් වහන්සේලා තමයි.‍ අතීතයේ අප රටට විවිධ බලපෑම් ඇති වු  අවස්ථාවලදී මහා සංඝරත්නය පෙරමුණ ගත්තා මෙන් වර්තමානයෙත් එසේ  පෙරමුණ ගැනීමට ධර්ම ඥානය වගේම විවිධ භාෂා පිළිබඳ හසල දැනීමක් ඇති භික්ෂූන් වහන්සේලා අපට අවශ්‍ය බව අගමැතිතුමන් වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya