අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමට ජනාධිපති ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි

    ජූලි 08, 2014

    ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේදී ස්වාධීන රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමට නම් ජනාධිපති ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    ජනාධිපති ක්‍රමය පිළිබඳව විවිධ අදහස් පළ කෙරුණද මෙරට ආරක්ෂාව සහ මතු පැවැත්ම සඳහා ජනාධිපති ක්‍රමය මෙන්ම වර්තමාන පාලන ක්‍රමය ද අවශ්‍යවන්නේ යැයි ඒ මහතා කියා සිටියේය.
     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොළ ආසන නියෝජිත සම්මේලනය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ජාතික උරුමය මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොළ ආසනයේ ශාඛා සමිති ප්‍රධානීන් සහ නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මේලනය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් රැසක් සහභාගිව සිටියහ.


    එහිදී රැස්ව සිටි පිරිස හමුවේ තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා මෙසේ ද පැවසීය. මැතිවරණයක් මෙන්ම රටක සංවර්ධනය පුද්ගලයෙක්ගේ පෞද්ගලික අනාගත දියුණුව, ඥාතීන්ගේ දියුණුව සහ අවසානයේදී සමස්ත දිවයිනේ ම දියුණුව ශක්තිමත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී යහපත් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඡන්ද දායකයන් පියවර ගත යුතුයි. ඇතැම් අපේක්ෂකයන්ගේ රැවටීමට හසුව ඡන්ද දායකයන් අසරණවන අවස්ථාවන් අප බොහෝ සෙයින් දැක තිබෙනවා.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු අප රජය මෙරට සංවර්ධන කටයුතු සිදු කරන්නේ කිසිදු අයෙකුගේ පෞද්ගලික අභිවෘද්ධිය උදෙසා නොවෙයි. අනාගතයේදීත් යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙරට ආරම්භ කරන අතර, ඒ සියල්ල පොදු ජනතා අභිවෘද්ධිව වෙනුවෙන් සිදු කරනවා.
     

    ශ්‍රී ලංකාවේ ජාතීන් හතරක් සහ ආගම් අදහන වර්ග පහක් ජීවත් වෙනවා. නමුත් අප කවුරුත් ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් භේදයන්ට ලක් විය යුතු නැහැ. චීනයේ ජාතීන් රැසක් ජීවත් වෙනවා. ඔවුන් චීන ජාතිකයන් ලෙස හැඳින්වෙන්නේ. ඉන්දියානුවන්, පකිස්ථාන ජාතීන් ආදී ලෙස රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි ජීවත් වීමට එරට වැසියන් ක්‍රියා කළත් ඇයි අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් නොහැක්කේ? අප ඒකීය රටක් ඒකීය ජාතියක් වශයෙන් සමගියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත් විය යුතුයි.


     ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට වසර 63ක් සම්පූර්ණ වී තිබෙනවා. නිදහසින් පසු වැඩිම කාලයක් මේ රටට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේදී මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙටි කාලසීමාවකදී වැඩිම සංවර්ධන කාර්යයභාරයක් ඉටු කර තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු අප රජයයි. හෙළ රජ සමයේ සංවර්ධන කටයුතු සිදු නොවුණ බව පවසනවා නොවෙයි. නමුත් වර්ෂ 2005 සිට මේදක්වා වැනි කෙටි කාලයකදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි යෝධ සංවර්ධන වැඩසටහන් රැසක් ඉතිහාසයේ කවර දිනකවත් සිදුවී නැහැ.
     
    ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදා ගන්නා අතරේ මේ රට සංවර්ධනය කරා සීග්‍රයෙන් යොමු කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට අවශ්‍ය ශක්තිමත් යුග පුරුෂයෙක් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.


    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක, විදුලි සංදේශ හා තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න යන මහත්වරු මෙහිදී අදහස් පළ කළ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya