"Ironman 70.3 Colombo" අභියෝගය කොළඹදී නිමාවෙයි

"Ironman 70.3 Colombo" අභියෝගය කොළඹදී නිමාවෙයි
  • SocialShare:

වසර 6කට පසු පැවැති "Ironman 70.3 Colombo" ජාත්‍යන්තර තරගාවලිය පසුගියදා (22) කොළඹ දී නිමාවට පත්විය.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ තවත් සුවිශේෂී පියවරකි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් (Mrs. Vraie Cally Balthazaar) මහත්මිය සහ පොලිස්පතිතුමා ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ආරම්භ කෙරිණි.

රටවල් රැසක් නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් සහ දේශීය ක්‍රීඩකයින් විශාල පිරිසක් මෙවර තරඟාවලියට එක්ව සිටියහ.