ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා සිදුකරමින් සිටින බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(05) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවත් ඒ් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු වී ඇතැයිද පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරගනිමින් මෙරට ක්‍රීඩාව නගා සිටුවිය නොහැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගනිමින් සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එකඟතාවය මත ඉදිරි කටයුතු සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා සැලසුම් මේ වනවිට සකස් කර ඇති අතර, දැනටමත් පියවර කිහිපයක් ගෙන ඇති අතර ඉදිරි සැලසුමද කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රීඩකයන්ට අපහාස හෝ අගෞරවයට හානි වන ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම සඳහා කටයුතු කරන්නැයි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.


