ඔබගේ මුඛ සෞඛ්‍ය ගැන ඔබ කොතරම් දුරට සැලකිලිමත්ද? අපේ ජනගහනයෙන් දවසට දෙසැරයක් දත්මදින්නේ 50%යි. හැම දෙදෙනෙක්ගෙන් එක් අයෙකුම රෑට දත් මදින්නේ නැහැ..
අද 03/ 20 විමසමු මුඛ සෞඛ්‍ය ගැන... පුද්ගලයෙකුට වයස අවුරුදු 80 වන විට කටේ දත් 20ක් වත් තිබිය යුතු යැයි සංකල්පයක් පවතිනවා. නිරෝගී කුඩා දරුවෙකුගේ නම් කයේ දත් 20ක් වත් තිබිය යුතුයි. නිරෝගී වැඩිහිටියෙකුගේ කටේ දත් 32ක් තිබිය යුතු සේම එක් දතක් හෝ දිරා ගොස් නොතිබිය යුතුයි. මෙම සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් 03/20 දත් ගැන සහ මුඛය ගැන කතා කරන්න හොඳ දවසක් බවට පත්කරගෙන කතියෙනවා.
එනම් ලෝක මුඛ සෞඛ්‍ය දිනය සෑම වසරකම 03 වෙනි මාසේ 20 වනදා සැමරීමටත් මුලු ලෝකේම රටවල් එකම දිනයක ජනතාවගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් යොදාගෙන තිබෙනවා.
ලොව ජනගහනයෙන් බිලියන 3.5ක් මුඛ රෝග වලින් පීඩා විඳිනවා. සාමාන්‍ය ශරීර සෞඛ්‍ය ගැන අපි උනන්දු වුණාට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතා දුර්වල උනන්දුවක්. බොහෝ දෙනෙකුට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙන්නේ බොහෝවිට කැක්කුමක් හෝ වේදනාවක් දැනුණ අවස්ථා වලදීයි.
සාමාන්‍යයෙන් මෙරට ජනතාවට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීමට පුරුද්දක් නැහැ. එනම් මුඛ සෞඛ්‍යයට ඇති අවධානය ජීවිතයේ අනෙක් කරුණු සමග අඩුවෙනවා. ලොව සුලබම රෝග වනුයේ දන්ත රෝගයි. වැඩි වශයෙන් දත් දිරායාමයි.ලොව ජනගහනයෙන් අඩක් පමණ දන්ත රෝග වලින් පීඩා විඳිනවා. බෝ නොවන රෝග වලින් සුලභ ලෙස හමුවන්නේද මුඛ රෝගයි. දත් දිරායාම මුඛ රෝග වලින් ප්‍රධානම රෝගයයි. ලොව ජනගහනයෙන් 34%කට දත් දිරායාම පවතිනවා.
දන්ත වෛද්‍යවරයෙකු ලවා මුඛය පරීක්ෂා කරගමු. මුඛ සෞඛ්‍ය ගැන අදින් පසු වැඩි වශයෙන් සිතමු.. සැලකිළිමත් වෙමු..
විශේෂාංගය සඳහා කරුණු ඊයේ (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.