ශ්‍රී ලංකා පොලිසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය 2025 මාර්තු මස 21 වැනි දිනට යෙදී තිබේ.
දිවයින පුරා පොලිස් කෙට්ඨාස මට්ටමින් පොලිස් විරු අනුස්මරණ දිනය සමරන අතර, එහි ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය
1866 දී සැප්තැම්බර් 03 වන දින ප්‍රථම පොලිස්පති ලෙස සුදු ජාතික ජී.ඩබ්.ආර්.කැම්බල් මහතාගෙන් ලාංකීය පොලිසිය ව්‍යවස්ථාපිතව ආරම්භ වේ.
නමුත් පොලිස් රාජකාරිය පිළිබඳ ඉතිහාසයේ සඳහන් වන්නේ 1602 දී ලන්දේසි පාලන සමයේ, කොළඹ ප්‍රදේශය පාලනය කිරීම සඳහා දිසාවේ කෙනෙක් පත්කිරීම, 1806 දී පොලිස් විදානේ කෙනෙක් පත්වීමත් පොලිස් විදානේ නාමය 1815 දී පොලිස් කොස්තාපල් ලෙස වෙනස් වීමත් පොලිස් රාජකාරී වල ආරම්භයන් ලෙස හැඳින් වේ.
1832 දි සර් රොබට් නෝටන් ආණ්ඩුකාරවරයා පත්කරණ ලද කමිටුවෙන් 1832 අංක 03 දරණ පොලිස් ආඥාපනත බිහිවිය.
මෙම අවධියේ පොලිස් අධිකාරිවරයෙකු යටතේ පොලිස් හමුදාවක් ලෙස 1430 පමණ නිලධාරින් පිරිසක් රාජකාරි කර තිබේ.
එවකට අප රට පාලනය කල විදේශීය ජාතිකයින් පණවා තිබු නීතින්ට පටහැනිව කටයුතු කල උතුවන්කන්දේ සරදියල් අත් අඩංගුවට ගැනීමට කෑගල්ල මහ දිසාපතිවරයා වන ඊ. ආර්. සෝන්ඩස් ගේ නියෝගයක් ක්රියාවේ යෙදවීමට රාජකාරි කල පොලිස් කොස්තාපල් සහාන් නැමැති නිලධාරියා පොලිස් රාජකාරියේදී මිය ගියේ 1864 මාර්තු මස 21 වන දින වන අදවන් දිනකයි. එම සිදුවීම නිල ඇදුම් ඇද සිටි පොලිස් නිලධාරියකු වික්රමාන්විතරාජකාරියේදී මිය ගිය බවට මාවනැල්ල උතුවන්කන්ද මංසන්දියේ ස්මාරකයක සටහන් කර තිබීම මෙරට පොලිස් විරුවකු සිහිගැන්වීම සඳහා තිබෙන පැරණිතම මුලාශ්‍රය වේ. ඒ අනුව අද දින අප 161 වන පොලිස් විරු සැමරුම් උත්සව ලෙස පොලිස් අනුස් මරණ දිනය සමරණු ලබයි.