දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහය වීමට “සෙනෙහසේ නෑගම් යාම” නමින් විශේෂ වැඩසටහනක් අප්‍රේල් 04 වැනිදා පෙ.ව. 09.00ට ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වන අතර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
වැඩසටහන යටතේ අලුත් අවුරුදු සැමරුම් සඳහා අවශ්‍ය වියළි ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ තෑගි බෝග රැගෙන දිස්ත්‍රික්කය පුරා පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇත.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක පවුල් 558ක් රැඳී සිටින අතර, නිවාස අහිමි වීම හේතුවෙන් තාවකාලිකව කුලී නිවාසවල ජීවිත ගත කරන පිරිස්ද සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම මෙම වැඩසටහනින් සිදු කෙරේ.
විපතට පත් ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ මානසිකව හුදෙකලා වීම වැළැක්වීමත්, ඔවුන්ගේ හුදෙකලාභාවය අඩු කිරීම සහ අවුරුදු සතුට බෙදාගැනීමට අවස්ථාව සලසා දීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.


