මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “Sri Lanka’s Economic Revival: Reflection on the Journey from Crisis to Recovery” නම් කෘතිය ඊයේ (08) එළිදැක්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැති උත්සවයකදී මෙම ග්‍රන්ථය නිල වශයෙන් එළිදැක්විය.
එම අවස්ථාවේදී, ග්‍රන්ථයේ පළමු පිටපත කර්තෘ මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.



