අන්තර්ජාතික ප්‍රාසාංගික කලා පර්යේෂණ සම්මන්ත්‍රණය (IPAC) – 2025 අද(20) සහ හෙට(21) කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.
මෙම අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා දෙස් විදෙස් පර්යේෂකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් සභභාගි වීමට නියමිතය. එහිදී සාම්ප්‍රදායික හා සමකාලීන ප්‍රාසාංගික කලාවන් මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර විෂයන් සමග අන්තර් ක්ෂත්‍ර අධයනය තුල සිදු කරන ලද පර්යේෂන පත්‍රිකා ඉදිරිපත් කර ඇත.
මෙම සමුළුවේ විශේෂත්වය වන්නේ විදේශීය පර්යේෂකයින් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය පැවතීමයි. ඔවුන්ගේ දායකත්වයන් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලා පර්යේෂණ ක්ෂේත්‍රයට නැවුම් දැක්මක් සහ ගෝලීය සභභාගිත්වයක් හිමිවේ.
අන්තර්ජාතික විද්වතුන් සමඟ සම්බන්ධ වීම මඟින් සංස්කෘතික සහයෝගීතාවයන් පෝෂණය වේ. එමෙන්ම එය අධ්‍යයන තොරතුරු හුවමාරුව වැඩි දියුණු කරන අතර, ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා නව අවස්ථා නිර්මාණය කරයි.