ලංකා වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ලංකා වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි
  • SocialShare:

ලංකා වාණිජ මණ්ඩලයේ (The Ceylon Chamber of Commerce) නියෝජිත පිරිසක් සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (ජුනි 24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 

​ 2026 ඔක්තෝබර් මස 12 සහ 13 දෙදින  පැවැත්වීමට නියමිත "ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව (SLEIS 2026)" සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ඩිජිටල්කරණය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් සඳහා ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම සහ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සිදුවන පරිවර්තනීය කාර්යභාරය පිලිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීම මෙන්ම රටේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති හැඩගැස්වීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් මෙහිදී ⁣පැවසීය. 

 මෙම අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති විනෝද් හිරදරාමානි, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය මහලේකම් / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඇලිකි පෙරේරා  සහ ආර්ථික බුද්ධි අංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනගි රොද්‍රිගූ-වීරසේකර යන මහත්ම මහතමීන් ඇතුළුපිරිසක්  සහභාගී වූහ.