ජාතික වෙසක් සතිය නිමිති කරගෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව සංවිධානය කළ “දියවන්නා බොදු බැති ගී සරණිය” පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එදින සවස 6.00 සිට 8.00 දක්වා පැවැත්විය.
පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල නියෝජනය කරන ශීල්පීන් / ශිල්පිනියන්ගේ ගායන හා වාදන දායකත්වයෙන් මෙම වෙසක් බැති ගී සරණිය පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අපගේ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ඔස්සේ නිර්මාණය වූ බවත් ශ්‍රී ලාංකිකයින් ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත්වීමට බෞද්ධ දර්ශනය මහත් පිටිවහලක් වූ බවත් පැවසුවේය. එමෙන්ම රාජ්‍ය පාලනයේදීත්, එදිනෙදා ගතකරන රාජකාරි හා සාමාන්‍ය ජීවිතයේදීත් ලෝබ, ද්වේශ, මෝහ යන්ගෙන් තොරව කටයුතු කිරීමට හැකිනම් ඒ තුළ ප්‍රගුණ කරන ප්‍රඥාව ඔස්සේ ඇලීම් ගැටීම වලින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා පැවසුවේය.
එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විවිධ ජාතීන් හා ආගම්වලින් යුත් ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් පුංචි පවුලක් බවත් ආගමික හා ජාතික සංහිඳියාව තම කාර්යමණ්ඩලය පවත්වනු ලැබූ මෙම බැති ගී සරණිය මගින් වඩාත් ඉස්මතු වූ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවාය. තවද ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කරමින් පැවැත්වූ මෙම වැඩසටහන තමන් මහත් සේ අගය කරන බවද මහලේකම්වරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
දියවන්නා වෙසක් බොදු බැති ගී සරණිය සාර්ථක කරගැනීම සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව, නෙස්ලේ ලංකා සමාගම (Nestlé Lanka Limited), ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාව, පෙරේරා සහ පුත්‍රයෝ බේකර්ස් (පුද්) සමාගම (P&S Bakers (Pvt) Ltd), උදේනි මුතුකුඩ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් යන ආයතන හා පිරිසගේ අනුග්‍රාහකත්වයද හිමිවිය.
මේ අවස්ථාව සමගින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ගරු සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න , සහකාර මහලේකම් හංස අබේරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙන්ම පාර්ලිමේන්තුවට අනුබද්ධිත කාර්යාලවල නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද එක්කව සිටියහ.