අනුදි ගුණසේකර ලෝක රූ රැජන දක්ෂතා වටයේ අවසන් 24ට

 අනුදි ගුණසේකර ලෝක රූ රැජන දක්ෂතා වටයේ අවසන් 24ට
  • SocialShare:

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජන තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත.

දක්ෂතා වටය (Talent Competition ) මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කාලයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇත. අනුදි ආසියාව සහ ඕෂනියාව මහද්වීපික කලාපයෙන් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරීපත් වූවාය.

මෙහි අවසන් තරගය වූ ' Head-to-Head Challenge ' ඊයේ රාත්‍රී පැවැත් වූ අතර, ' Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව වූවාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.