බෙල්ලන්විල රජමහ විහාරය 75 වැනි වරට සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 15 වැනි දින සිට 17 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී බොරලැස්ගමුවේ ප්‍රේමරතන නාහිමියන් පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
පෙරහැර කටයුතු ආරම්භ කිරීම වෙුනවෙන් කප් සිටුවීම අද සවස විහාර පරිශ්‍රය්දී සිදුකිරීමට නියමිත බවද උන්වහන්සේ සඳහන් කළහ.
එසේම සාම්ප්‍රදායික නර්තන අංග මෙන්ම නවීන් නර්තනාංගයන් සැදුම්ලත් නර්තන කණ්ඩායම් , හස්තීන් , සතර දේවාලවල දේවාභරණ වැඩමවීම මෙන්ම මංගල හස්ති රාජයා පිට සධාතුක කරඬුව වැඩමවීම මෙම පෙරහැරේ විශේෂ ලක්ෂණ බව සඳහන් කළ උන්වහන්සේ මෙම පෙරහැර රටට ආශිර්වාද කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන බවද වැඩිදුරටත් පැවසූහ.
තවද පෙරහැර පැවැත්වෙන දිනයන්වල රාත්‍රී 8.00ට රත්මලාන නුගේගොඩ මාර්ගය අත්හිඩියෙන්ද , දෙහිවල මහරගම මාර්ගය නැදිමාල හංදියෙන්ද , මහරගම දෙහිවල මාර්ගල මාලනී බුලත්සිංහල මාවත අසළින් ද නුගේගොඩ රත්මලාන මාර්ගය පැපිළියාන මංසන්ධියෙන්ද වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් බෙල්ලන්විල පෙරහැර කමිටුවේ ලේකම් කේසරලාල් ගුණසේකර මහතා පැවසීය.
එසේම 75වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ පෙරහැර සමරු මුද්දරයක් අගෝස්තු මස 14 වැරනි දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන බවද ඒ මහතා සඳහන් කළේය.


