“ශ්‍රී ලංකා අයිකොනික් වුමන් - 2025“ සම්මාන උළෙල හෙට කොළඹදී

“ශ්‍රී ලංකා අයිකොනික් වුමන් - 2025“ සම්මාන උළෙල හෙට කොළඹදී
  • SocialShare:

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශත සංවත්සරය සැමරීම නිමිත්තෙන් බල ගැන්වෙන “ශ්‍රී ලංකා අයිකොනික් වුමන් - 2025“ (Sri Lanka Iconic Woman 2025) සම්මාන උළෙල හෙට (29) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බලගැන්වීමෙන් , Top C ඉංග්‍රීසි සඟරාව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී  කාන්තාවන් 100ක් ඇගයීම හා බලගැන්වීම සිදු කෙරේ.තෝරාගත් සම්මානලාභීන් තම වෘත්තීය අභිබවා යමින් රට වෙනුවෙන් සිදුකළ  හා සිදු කරන විශිෂ්ට සේවය  මෙහිදී ඇගයීමට ලක් කෙරේ. ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් සහ අනු ක්ෂේත්‍ර 24ක් යටතේ සමාන ලාභීන් තෝරාගෙන ඇත.