ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුනට රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම උදෙසා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, වාර්ෂිකව සංවිධානය කරනු ලබන 40වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම්කර ඇති අතර, එම උළෙල සඳහා මේ වන විට අයදුම්පත් රැසක් ලැබී ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රසිද්ධ පුවත්පත් නිවේදන, රූපවාහිනී දැනුවත් කිරීම් මෙන්ම, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන සංස්කෘතික නිලධාරීන් විසින් සිදු කළ දැනුවත් කිරීම් හරහා ප්‍රාදේශීය ලේකම් කාලර්යාල වෙත කලාභූෂණ සම්මාන ඉල්ලුම් පත්‍ර යොමු කළ අතර ඒ සියලු ඉල්ලුම් පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කරන ලදී. එසේ යොමු කරන ලද ඉල්ලුම් පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් ලේකම් හෝ බලය පවරන ලද වෙනත් මාණ්ඩලික නිලධාරියෙකුගේ සභාපතිත්වයෙන් යුතු 09දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරන අතර එහිදී දිස්ත්‍රික් වශයෙන් වඩාත් සුදුසුකම් සපුරා ඇති කලාකරුවන් තෝරා එකී කලාකරුවන්ගේ තොරතුරු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබයි. එකී තොරතුරු මත පදනම්ව මෙම වර්ෂයේ කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2025 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


