ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

  • SocialShare:

ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත් 50 පිළිබඳ වාර්ෂික ලැයිස්තුව නිකුත් කර ඇත.

එහි ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ලොව අලංකාරම දූපත ලෙස කිරුළ පැළඳීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.

කැරිබියන් දූපත්වල ඉන්දුනීසියාව දක්වාත්, යුරෝපයේ සිට නවසීලන්තය දක්වාත් කෙස ලොවපුරා පැතිරී ඇති දූපත් 50ක් වෙබ් අඩවිය විසින් මෙලෙස ඒවායේ සංචාරක ආකර්ෂණය සහ සුන්දරත්වය අනුව ස්ථානගත කර තිබේ.