යුනෙස්කෝ මතකය පිළීබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ලංකාවෙන් ලේඛන ද්විත්වයක්

යුනෙස්කෝ මතකය පිළීබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ලංකාවෙන් ලේඛන ද්විත්වයක්
  • SocialShare:

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට පානදුරාවාදයට අදාළ ඉපැරණි ලේඛනයන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සොයා ගත් ත්‍රෛයි භාෂා සෙල්ලිපිය ඇතුළත් කෙරෙන බව බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
බෞද්ධාලෝක පදනම සහ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව මෙම ඉපැරණි ලේඛන සංරක්ෂණය කිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
දමිළ , චීන සහ පර්සියන් භාෂාවෙන් ලියවී ඇති ලොව තිබෙන එකම ලේඛනය මෙම සෙල්ලිපිය බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
සීගිරිය මේ වනවිට සංචාරක ගමනාන්තයක් බව සඳහන් කළ අමාත්‍යවරයා ලබන වසරේදී සංචාරකයන් ලක්ෂ 18ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම සංචාරක ආකර්ෂණය වැඩිකිරීම වෙනුවෙන් සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවත් පෙන්වා දුන්නේය.
එසේම රිටිගල සහ යාපහුව විකල්ප සංචාරක ගමනාන්තයන් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.