මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු ඉදිරි මාස 02 තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
මධ්‍යම අධිවෙීගී මාර්ග ව්‍යාපෘතියේ 1 කොටස සඳහා ඉඩම් අහිමි වූ, මීරිගම හා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ඉඩම් ලාභින්ට වෙනුවෙන් නව ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ඊයේ(07) සිදු කෙරුණු අතර, එම උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී ඉඩම් හිමිකම්ලාභීහු 16 දෙනෙක් වෙත හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැමිණි පිරිසට සිය ස්තුතිය පුද කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
දැනට වසර 10 කට එනම් 2015 දී තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මූලික කටයුතු ආරම්භ වෙන්නේ. මෙම කර්තව්‍යය මීට ගොඩක් කලින් කරන්න තිබුණ දෙයක්. නමුත් තවමත් අපට අධිවේගී මාර්ගයේ ප්‍රතිලාභ අත්විඳින්න ජනතාවට දෙන්න බැරිවෙලා තිබෙනවා. තමන්ගේ පාරම්පරික අයිතීන් ජාතික වැඩපිළවෙළක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, අපි ඔබතුමන්ලාට ස්තුති වන්ත විය යුතුයි. ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් හිමිකම් ඔප්පු ලබාදීම, රජයක් වශයෙන් විශේෂ වගකීමක්. ජාතික සංවර්ධනයට උරදුන් පිරිසක් හැටියට ඔබතුමන්ලාට සතුටු වියහැකියි යැයි පැවසීය.


